මේකේ තව විශේෂත්වයක් වෙන්නේ සාමාන්‍ය පරිගනකයක් මේක විසදන්න ගියොත් ඒකට මේක විසදන්න අවුරුදු 35ක් විතර යන එක.මේ රූබික් කියුබය මේ වසර 40ට කිට්ටු කාලය තුල මිලියන 400ක් විකිණිලා තියනවා...මේ රූබික් කියුබය විසදන්න පුලුවන් අඩුම චලන ගාණ හොයන්න ලොව පුරා විද්‍යඥයෝ තාමත් වෙහෙසෙනවා....ඒත් දැනට මේක විසදන්න පුළුවන් අඩුම චලන ගාණ විදිහට ලැබිලා තියෙන්නේ චලන 20ක් බව තමයි වාර්තා වෙන්නේ.....
මේකේ තියන අනිත් විශේෂ කාරනේ වෙන්නේ මේක හදලා තියෙන්නේ ගණිතඥයෙක් නෙමේ....මේක හදලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින්..මොහු හන්ගේරියාවේ ගෘහ නිර්මාණ ශිල්පය ඉගැන්වූ ගුරුවරයෙකි...ඔහු තම සිසුන්ට ගෘහ නිර්මාණ ශිල්පය ඉගැන්වීමට ත්‍රිමාණ උපාන්ගයක් සෑදීමට උත්සාහ කළා.නමුත් ඔහු නොදැණුවත්වම ඔහු අතින නිම වුණේ මේ රූබික් කියුබය..මුලදී මේක මැජික් කියුබය ලෙස තමයි නම් ලැබුනේ......නමුත් 1980 මේක ලෝක වෙලද පලට එද්දි මේකේ නම රූබික් කියුබ් බවට හැරුණා.....
මේක ලොවපුරා ගොඩක් ප්‍රචලිත වෙන්න හේතුවක් වුනේ මේක බුද්ධිය සම්බන්ධ උපාන්ගයක් නිසා....දැනට ලෝක ජනගහනය ගත්තොත් එයින් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් මේ ගැටලුව විසදන්න උත්සහ කරලා තියනවා.මේක විසදන්න මිනිසුන් කොච්චර උනන්දුද කිව්වොත් මේක විසදන හැටි කියන වීඩියෝ එක් ලක්ශ අසූ දසක් පමණ වීඩියෝ යූ ටූබ් වෙබ් අඩවියේ තියනවා.මෙය විසදා දැනට ලෝක වාර්තාවක් තියලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ෆෙලික්ස් සෙම්ඩෙග්ස්.ඒ තත්පර 7.53කදී චලන 22 කින් මෙය සැකසීමෙනුයි.................64 හැවිරිදි රූබික් කියුබයේ පේටන්ට් හිමිකරු අර්නෝ රූබික් :-

0 comments ගණන:
Post a Comment