Showing posts with label ඔබ දන්නවාද?. Show all posts
Showing posts with label ඔබ දන්නවාද?. Show all posts

Sunday, February 24, 2013

2013 නව වෙනස් වීම්.........

                                                           



                                                         මේ අවුරුද්දේ තාක්ෂණය වෙනස් වෙන හැටි ගැන තමයි මේ කියන්න යන්නේ......ගිය අවුරුද්දේ අපි නොසිතපු විදිහට තාක්ෂණය ගොඩාක් දියුණු උණා..ගිය අවුරුද්දේ වගෙම මේ අවුරුද්දේත් තාක්ෂණය ගොඩාක් ඉදිරියට යයි කියලා නොයෙක් විශේෂඥයෝ අනාවැකි පල කරලා තියනවා.......ඔන්න මම ඒවා ඔයාලටත් දැනගන්න පහලින් දාන්නන්......

                 ලැප්ටොප් හා ටැබ්ලට් පීසී         

                           ගේවී ගිය 2012 අවුරුද්ද ලැප්ටොප් අවුරුද්දක් කියලා තමයි අයිඩීසී සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරලා තියෙන්නේ.....ඒකට හේතුව වෙන්නේ 2011 විකුණූ ලැප්ටොප් හා ටැබ්ලට් ප්‍රමාණය මෙන් 
දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් 2012 වසරේ දී විකිණී ගිය හින්දයි... 2012 විතරක් විකුණපු ලැප්ටොප් හා 
ටැබ්ලට් ප්‍රමාණය කෝටි 12කටත් වැඩී..
                        ඇමරිකාවේ ඩිස්ප්ලේ සමීක්ෂණ ආයතනය 
 කියන්නේ ගිය අවුරුද්දට වඩා ලැප්ටොප් හා ටැබ්ලට් ප්‍රමානයක් 
මේ අවුරුද්දෙදි විකිණෙයි කියලයි......ඔවුන් එසේ කියන්නේ 
ලැප්ටොප් හා ටැබ්ලට් වලට ජනප්‍රියම සමාගම්
(සෝනි,අසූස්,ලෙනොවො හා ඇපල්) නවයෙන් හතරක් ඊට සැලසුම් 
යොදා ඇති නිසා......එසේ නම් මේ අවුරුද්දේ අඩුම තරමේ 
ලැප්ටොප් හා ටැබ්ලට් කෝටි 17ක් වත් විකිණෙන්න ඕනේ........


                                                                             මොබයිල් තාක්ෂණය    

                                                                                                  මොබයිල් පිලිබද විශේෂඥයෝ කියන්නේ 
                                                                                      මේ අවුරුද්දේදි 3G  තාක්ෂණය යටපත් කරගෙන  
                                                                                4G  තාක්ෂණය ඉදිරියට  යන බවයි......ඊට  ලෝකයේ
                                                                     බොහෝ ස්න්නිවෙදන  ආයතනය මුදල් වැය කරන බව ඔවුන්
                                                                  ප්‍රකාශ කරනවා.ඒ වගෙම 4G  තාක්ෂණයට ගැලපෙන බොහෝ
                                                                          උපාoග වෙලදපලට එන බවත් ඔවුන් ප්‍රකාශ කරනවා........
                                                                                     ඒ වගේම මේ අවුරුද්දෙදිත් අයිඕස් හා ඇන්ඩ්‍රොයිඩ් 
                                                                                      අතර විශාල තරගයක් ඇතිවෙයි කියලයි ෆින්විස්ටා 
                                                                                 සමීක්ෂණ ආයතනය කියන්නේ......

                                           දැනට ඇති ෆෝන්                                                                              හතරක් ගතහොත් එයින්  තුනක් ඇන්ඩ්‍රොයිඩ් වෙයි... ගිය අවුරුද්දේ ඇන්ඩ්‍රොයිඩ් සහිත ස්මාර්ට් ෆෝන් මිලියන 181ක් විකිණිලා තියනවා....ඒ අනුව 
                                                                                    ෆින්විස්ටා ආයතනය පවසන්නේ මේ අවුරුද්දේ ගිය 
                                                                                    අවුරුද්දට වඩා 34%ක් ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන්                                                                      
                                                                                    විකිණී යන බවයි.........     
                                                                      
                                                                                
                                                                            
                                                                   

             අන්තර්ජාලය   
               
                            මේ වසරේ අන්තර්ජාලයේ නොමිලේ දෙන 
     සේවා රැසක් මුදල් ගෙවා ලාබා ගැනීමට අපට සිදුවෙන බව
     මිල් වර්ඩ් බ්‍රවුන් ආයතනය කියනවා......ඒ කියන්නේ අපිට
     නොමිලේ දැන් අන්තර්ජාලය හරහා ගතහැකි සේවා රැසක්
 මේ අවුරුද්දේ ලාභ ඉපයීමට පෙලබෙන බවයි..තවද මොවුන්
කියන්නේ ෆේස් බුක් නව වෙලද දැන්වීම් මගින් මුදල් ඉපයීමට
යන බවයි.එසේම් ගූගල් හරහා නොමිලේ දෙන සේවා රැසකුත්
   අපිට මුදල් ගෙවා ලබාගාන්න සිදුවෙවි........එහෙත් මොවුන්
  පවසන්නේ සර්ච් එන්ජින් නවීන වෙන්නේ නැති බවත් පරණ
        දේම රැගත් නව සoස්කරණ පමණක් පැමිනෙණ බවයි......                                                        



                                                                                          ගැජට් හෙවත් විශේෂිත උපාග    

                                                                                                                ගැජට් පිලිබද විශේෂඥයින් 
                                                                                   පවසන්නේ මේ අවුරුද්දේ ඇගට සවිකර හැකි 
                                                                                    බෙහෙත් චිප,පරිගනක,මොබයිල් වැනි උපාග 
                                                                                      රාශියක් වෙලද පොලට පැනිනෙන බවයි.....
                                                                                       එයින් ජනප්‍රියම ගැජට් එක වෙන්නේ ගූගල් 
                                                                                                      ප්‍රොජෙක්ට් ග්ලාස් බව කියයි.......


Sunday, January 27, 2013

අපේ බුද්ධිය වැඩි කරන රූබික් කියුබය(rubik's cube)........

                                                          දැන් තිබෙන සුපිරි පරිඝනක වලටත් විසදන්න බැරි ගණිත ගැටළුවක් තියනවා.ඒ තමයි අර්නෝ රූබික් විසින් 1973 නිපද වූ රූබික් කියුබය.......මේක ඝනකයක්.ඒ මේකට මුහුණත් 6ක් තියන නිසා....සෑම මුහුණතක්ම වෙනස් පාටකින් තියෙන්නේ.ඒ කිව්වෙ මුහුණත් 6 පාට 6කින් තියෙන්නේ....ඒ වගේම මේ හැම මුහුණතක්ම කොටස් වලට බෙදිලා තියෙන්නේ....

මේකේ විශේෂත්වය වෙන්නේ මේකේ හැම තට්ටුවක්ම අන්ශක 360 කරකවන්න පුළුවන් එක.මුලින් පාට ඔක්කොම එකම මුහුණතක තිබුනට තට්ටු කැරකුවහම මේ පාට එක එක තැන් වලට ගිහිල්ලා මුහුනත් එක එක පාට වෙනවා....අපිට කරන්න තියෙන්නේ මේ එක එක පාට ටික එකතු කරලා ආයෙත් එක මුහුණතකට ගන්න එක...හැබැයි ඒක ලේසි නෑ.මොකද අයේ පාට එක මුහුණතකට ගන්න වෙන්නේ තට්ටු එක එක පැත්තට කරකවලා තමයි.

                                                         මේකේ තව විශේෂත්වයක් වෙන්නේ සාමාන්‍ය පරිගනකයක් මේක විසදන්න ගියොත් ඒකට මේක විසදන්න අවුරුදු 35ක් විතර යන එක.මේ රූබික් කියුබය මේ වසර 40ට කිට්ටු කාලය තුල මිලියන 400ක් විකිණිලා තියනවා...මේ රූබික් කියුබය විසදන්න පුලුවන් අඩුම චලන ගාණ හොයන්න ලොව පුරා විද්‍යඥයෝ තාමත් වෙහෙසෙනවා....ඒත් දැනට මේක විසදන්න පුළුවන් අඩුම චලන ගාණ විදිහට ලැබිලා තියෙන්නේ චලන 20ක් බව තමයි වාර්තා වෙන්නේ.....

                                                මේකේ තියන අනිත් විශේෂ කාරනේ වෙන්නේ මේක හදලා තියෙන්නේ ගණිතඥයෙක් නෙමේ....මේක හදලා තියෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විසින්..මොහු හන්ගේරියාවේ ගෘහ නිර්මාණ ශිල්පය ඉගැන්වූ ගුරුවරයෙකි...ඔහු තම සිසුන්ට ගෘහ නිර්මාණ ශිල්පය ඉගැන්වීමට ත්‍රිමාණ උපාන්ගයක් සෑදීමට උත්සාහ කළා.නමුත් ඔහු නොදැණුවත්වම ඔහු අතින නිම වුණේ මේ රූබික් කියුබය..මුලදී මේක මැජික් කියුබය ලෙස තමයි නම් ලැබුනේ......නමුත් 1980 මේක ලෝක වෙලද පලට එද්දි මේකේ නම රූබික් කියුබ් බවට හැරුණා.....

                                මේක ලොවපුරා ගොඩක් ප්‍රචලිත වෙන්න හේතුවක් වුනේ මේක බුද්ධිය සම්බන්ධ උපාන්ගයක් නිසා....දැනට ලෝක ජනගහනය ගත්තොත් එයින් පස්දෙනෙක්ගෙන් එක් අයෙක් මේ ගැටලුව විසදන්න උත්සහ කරලා තියනවා.මේක විසදන්න මිනිසුන් කොච්චර උනන්දුද කිව්වොත් මේක විසදන හැටි කියන වීඩියෝ එක් ලක්ශ අසූ දසක් පමණ වීඩියෝ යූ ටූබ් වෙබ් අඩවියේ තියනවා.මෙය විසදා දැනට ලෝක වාර්තාවක් තියලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ෆෙලික්ස් සෙම්ඩෙග්ස්.ඒ තත්පර 7.53කදී චලන 22 කින් මෙය සැකසීමෙනුයි.................

64 හැවිරිදි රූබික් කියුබයේ පේටන්ට් හිමිකරු අර්නෝ රූබික් :-